යුධ ජයග්‍රහණය සැමරීම


1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 450 වැනි සැමරුමයි.

සීතාවක රජවාසලේ විශ්වාසවන්තම බලකොටුව බවට පත් වුයේ කඩුවෙල බලකොටුවයි. කොළඹ කොටුවේ සිට එන ඕනෑම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේය. එහි සිටි වීර අංගක්කරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වරම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වු අතර ප්‍රධාන මාර්ගයෙන් හා කැළණි ගඟින් ආවරණය වී පැවතිණි. රාජසිංහ රජුගේ නියමයෙන් මෙම කඩුවෙල කඩවත් බලකොටුව භාරව සිටියේ කොරතොට ආරච්චි˜ නම් වු අංගං සටන් පරපුරේ වීර සටන් ශිල්පියෙකු වු කොරතොට කුරුප්පු ආරච්චි විය. කුරුප්පු ආරච්චිගේ සටන් වික්‍රමයන් මුළු රටම දැනහැඳින සිටිය හ. මේ හේතු කාරණා නිසාම පණට ආදරයක් ඇත්තෙක් කඩුවෙල බලකොටුව බිඳීමට උත්සාහ ගත්තේ නැත.


මුල්ලේරියා රණබිමේ වර්තමාන තත්ත්වය

මුල්ලේරියා මහා සංග්‍රාමය යනු මෙරට ජනතාවගේ තොලග රැඳි මහා වික්‍රමයක් වනවාත් සමඟම එහි උරුමය හිමි මුල්ලේරියා භූමියෙන් එම ගෞරවය මකන්නට ඉතිහාසයේ දී ගත් උත්සාහයන් අනන්තය. එහි එක් ප්‍රතිභලයක් වන්නේ මුල්ලේරියා ප්‍රදේශයේ මානසික රෝහලක් පිහිටුවීමයි. මෙසේ මකා දමන්නට උත්සාහ කෙරුණ මුල්ලේරියා සටන නැවතත් සිහිපත් කරනුවස් මුල්ලේරියා වෙළ ආග්‍රිතව අංගම් මඩුවක්, කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ආදීකොටගත් සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයට අමතරව මුල්ලේරියාව පිළිබ්‍රදව ලියැවෙන ග්‍රන්ථ එලිදැක්වීම හා www.mulleriyawa.org නමින් වෙබ් අඩවියක් ද පවත්වාගෙන යාමට අදහස් කොට ඇත.





View Larger Map

4 comments:

  1. මෙවර මුල්ලේරියා විජයග්‍රහණ සැමරුම් උත්සවයේදී අංගම් ශාස්ත්‍රයේ අතිශය රහසිගත නිල සටන් ක්‍රමවේදයන් පිළිබඳව විශේෂ අංගයක් පැවැත්වෙන අතර අප හා අප ගුරුතුමන්ට අන්තර්ජාලය හා වෙනත් මාධ්‍ය මගින් මඩ ගසමින් විවිධ චෝදනා එල්ල කරමින් අන්තර්ජාලය හරහා විවිධ අභියෝග කරමින් සිටිනා සියලූම දෙනාට වේදිකාවටම පැමිණ එහි සුවිශේෂී රසය විඳ ගත හැකි වනු ඇත.

    ReplyDelete
  2. දැක ගතිමි !! ස්තූතියි !! ජයවේවා !!

    ReplyDelete