කොරතොට අංගක්කරුවෝ



මුල්ලේරියා මහා සංග්‍රාමයට වගකිවයුතු පාර්ශවයක් ලෙස අදටත් නොනැසී පවතින සටන් පරම්පරාවක් ලෙස කොරතොට ආරච්චිවරුන් හඳුනාගත හැකිය. කඩුවෙල සිට මද දුරත් අතුරුගිරිය මාර්ගයේදී හමුවන කොරතොට ග්‍රාමය ආශ්‍රිතව අදටත් නොනැසී තම සටන් හරඹයන් පවත්වාගෙන එන මොවුන් සම්බන්ධව පෘතුගීසි යුගය ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේ ය.

කොරතොට ආරච්චිවරුන්ගේ වත්මන් මොහන්දිරම්
ආචාර්ය අජන්ත මහන්තාරච්චි ගුරුතුමා
කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප‍්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වු පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගිසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වුහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප‍්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය.

ඔවුන් ගැන කියැවෙන තවත් ජනකවියක් මෙසේ ය.

රාසින් නිරිඳු වැඩලා රණ කෙලි            තොටට 
ඉලංගමට හේවාකම් දුන්                        කලට

පස්ස පොරොත්තුව පැනලා          කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ            පෙරමුණට


කොරතොට අංගක්කරුවන් ගැන සාහිත්‍යාත්මක සාධක

මුල්ලේරියා යුද්ධයෙන් පසුව කොරතොට
අංගක්කරුවන්ට හේවාගම් කෝරළය
ගම් වරයක් ලෙස ලබාදුන් ඉරහඳ ගල
පෝල් ඊ පීරිස් මහතා ලියූ පෘතුගීසි යුගය

"කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප්‍රවීණ ඉලංගක්කරුවෝද ඉලංගං සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වූහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප්‍රහායක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේස ගංගාවෙක් ගලා ගිය අතර දරුණු සංහාරයක් සිදු විය."

"මේ අවස්ථාවේදී රාජසිංහ පෞද්ගලිකවම අණදීම භාරගත්තේ ය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන් කරුවෝද ඇත් අස හමුදාවලින් ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන් ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ලකර අතර කොරතොට හා ‍හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය."

"පෘතුගීසි පටයන් 3000ක් ද එපමණක්ම සිංහල බට පිරිසක් ද පෙරමුණ බලා ඇදෙන්නට වූහ, ඔවුනට පළමු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූයේ මුල්ලේරියාව වැවේ අන්තයෙන් මාර්ගය ගමන් කරන ස්ථානයේදී ය. මෙම ස්ථානයේ ශක්තිමත් බඉලකොටුවක් ඉදිකර තිබූ අතර මුර අට්ටාලද පිහිටුවා තිබුණි. එමෙන්ම කාල තුවක්කු අටවා තබා ආරක්ෂාව ස්ථාවර කර තිබිණ. මේ සියල්ලම තිබුණේ වැව දක්වා දිවෙන උණගස් කැලයක් මැදය. මෙම ස්ථානයෙන් ඉදිරියට යාමේදී දරුණු සටන් ඇවිළුණු අතර දෙපාර්ශවයටම බරපතල ජීවිත හානි සිදුවිය. ඉන්පසු ආක්‍රමණික හමුදාව කඩු දෙවොල (කඩුවෙල) තම ස්ථානයට ලාවූ අතර එම ස්ථානයද දැඩි ලෙස ශක්තිමත් කොට තිබිණ. තෙවැනි සුළු බලමුළු පිහිටි ස්ථානය පිහිටි ස්ථානය වූයේ ගුරුබැවිල (හංවැල්ල)යි."

සීතාවක උරුමය  - පිලිප් ගුණවර්ධන
කොරතොට ඉපැරණි මහසෙන් දේවාලය
"කඩුවෙල සංඛපිට්ටි විහාර දේවාලයේහි අද දක්වා අවුරුදු පතා පවත්වනු ලබන හෙල පෙරහැර මංගල්‍යයේදී කපුරාලගේ වාහල නැටුම රාජසිංහයන්ගේ රණකෙලි සිහිපත් කිරීමට පවත්වනු ලබන්නකි.  කඩුවෙල රක්ගහවත්ත හේවාගම ආදී තැන්වල බලකොටු ගොඩනගා සීතාවක සතුරු මාර්ග අවහිර කළහ. සතුරා එන මග දැනගැනීමට කඩුවෙල කොරතොට බැලුම්ගල මුදුනේ ආරක්ෂක බටයන් යෙදවීය."

සීතාවක පුර යුගය - වේහැල්ලේ ආරියවංශ හිමි
"පැරණි මායා රට අයත් වූ හේවාගම් කෝරලයේ ආරෝහ පරිනාහ දේහයෙන් හෙබි එඩිතර පුරුෂයන් බිහිවූ තෝතැන්නකි. රාජසිංහ වැනි ශේෂ්ඨ නාරවිරුවෙන් සමග එකතු වී පෘතුගීසීන් විනාශ කළ ජාතික සටනේ වීර සෙබළුන්ගෙන් පැවත එන්නන් හේවගම් කෝරලයේ පැතිරී සිටියහ. හේවා ඉන්න, හේවාගම, කඩුවෙල, ගිරා ඊඹුල, දැඩිගමුව, කොරතොට, රනාල, අතුරුගිරිය යන ගම්මේ වීරෝධාර ඉතිහාසය කැටිකොට දක්වයි. මේ හේවාගම් කෝරලයේ හැම බිම් අගලකම අධිරාජ්‍යවාදී සටනට උරදුන් ජනතාවගේ ස්වාධිපත්‍ය අගය කරමින් ජීවිතය පූජා කළ අප මුතුන් මිත්තන්ගේ ලෙයින් සම් ඇට කඩු කන් ද උඩරටින් දෝදාගෙන ආ සාරවත් පස්තලාවන් යට සැනසිල්ලේ නිදන්ගතව ඇත. එම ඇටකටු සාරවත් පස තවතවත් පෝෂණය කරනු ඇත. "

පැරණි ජන කවියක්
වත්මන් අංගම් මොහන්දිරම් තුමාගේ පියා
එතුමා සහ මලනුවන්
රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට
ඉලංගමට හේවාකම් දුන් කලට
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට

සීතාවක හටන - පුස්කොල පොත
බලගතු ගෝවා පගන්දාර හේවා පන්නින්නේ
කලයුතු ගෙත්නා බල දෙවමින්නේ
සැරයුතු කොරතොට ආරච්චිවරුන්නේ
කෙලයුතු පෙන්නා නෙක සිරි දුන්නේ

රාජසිංහ රජු තම කඩුව සැඟවූ
ඉපැරණි මසන් ගස
කුරුප්පු මැති සඳ යුදටසරන්ඩු
ආරක්කු වඩවා ලන්සෙන් මන්දූ
උරුක්කු කර කර හරඹෙන් ඔන්ඩු
මුරුක්කු කර ඇර රුපුහට කේඩූ

කොරතොට නැති පවර
සැරවර කමින් ගරුතර
සපර රට පුවතර
ලැබීයන්නට යෙදී අවසර

සපර පුරය ලැබ සිටි මැති ගරුසර
කොරතොට කුරුපුපු නම් ලත් පුවතර
තරකොට ලන්සය ගනිමින් තම වෙර
වෙරකොට ඇත්තේ රුපු කද සිදු කර

සොදුරු ලෙසින් කරවන තද දෛ බල
සිදුරු නොදී රුපු අරවමි ඔද කල
රුදුරු අතුරුගිරි කෝරල සහ බල
සොදුරු එමහසෙන් නේනා නිමකල

කොරතොට නම්ලත් කුරුපුපු මැතිසෙන
තරකොට කස්තානය සුරතට ගෙන
බලකොට රුපුමැද පනිමින් නොල සින
සැරකොට කපමින් රුපු ඔද හරිමි

සදමින් මෙලෙස හේවා පන්නේ
වඩිමින් රජසිහ දෙවි නොලසින්නේ

එබැවින් හේවාගමට වඩින්නේ
නොලසින් රුපුසෙන් සැරසී ඉන්නේ



No comments:

Post a Comment